Sunday, January 29, 2017

අපමණ වුවත් නුඹ වෙත ඇති මගේ ආලේ
ලත වෙමි තවත් පවසන්නට බැරි වේලේ
ඇති මුත් දිරිය විමසන්නට හැම වේලේ
ගෙදරින් ලැබේවිද අවසර සිත මගේ දුකින් පෙලේ

ඇතිමුත් ඇඳින නුඹ මා පොඩි කාලේ සිට
සෙල්ලම් කලෙත් අපි එකටයි එකම විට
රණ්ඩුව උනත් අපි පොඩි උන් ලෙසට
සමගිව විසිය හැක අප කුරුලන් ලෙසට

මව්පියෝ අප හට අවසර දේවිද
දරුවන් ලැබුමට පුළුවන් වේවිද
භැඩරුව උන්ගේ වෙනසක් වේවිද
හැමදාමත් තව උන් විදවාවිද

රෑපය නුඹේ දකිනෙමි මම උදෑසන
නුඹ පාසලට මම උදයෙම වෙලට යන
නොදකින දාට මගෙ සිත දුබල ලෙඩවන
සුව කෙරුමට නුඹෙ වචනෙකට පුළුවන

දිය නෑමට නුඹ තනියම ළිඳ ගාව
මම සිටියෙමි නුඹ එන තෙක් වෙල ගාව
මම එදා කලෙමි නුඹෙ බහ විමසීම
මතකයි නුඹේ අද වාගෙම බිය වීම

ගෙදරින් හොරා මෙතුවක් පෙම් බැන්ද හැටි
භීනය නොවන බව අප විමසීම වටී
සමුගෙන නුඹ එදා කොළඹ ගිය හැටි
මට මතකයි හිර කර ගත් කදුළු කැටි

ටීචර් වෙලා නුඹ ගම රට ආවාම
උදෑහනම නුඹ හොරැහින් බැලුවාම
කෙරුමට නොහැක තව තව ඒ ඉවසීම
එක් වීලා හිඳිමුය අප හැමදාම

නෑනා මස්සිනා වූයේ පූරුවේ කරුමයට
ගෙදරින් අවසරේ නොලැබෙන විට අපට
නුඹ එනවාද ඈතට අපි පියඹන්ට
හැම ප්‍රශ්නෙකටම විසඳුම් දිය හැක එවිට

No comments:

Post a Comment

Children at War Kim, Napalam girl, Horror-stricken Unable of bearing Ongoing sufferings, Fled from destruction In Vietnam ...