අපමණ වුවත් නුඹ වෙත ඇති මගේ ආලේ
ලත වෙමි තවත් පවසන්නට බැරි වේලේ
ඇති මුත් දිරිය විමසන්නට හැම වේලේ
ගෙදරින් ලැබේවිද අවසර සිත මගේ දුකින් පෙලේ
ඇතිමුත් ඇඳින නුඹ මා පොඩි කාලේ සිට
සෙල්ලම් කලෙත් අපි එකටයි එකම විට
රණ්ඩුව උනත් අපි පොඩි උන් ලෙසට
සමගිව විසිය හැක අප කුරුලන් ලෙසට
මව්පියෝ අප හට අවසර දේවිද
දරුවන් ලැබුමට පුළුවන් වේවිද
භැඩරුව උන්ගේ වෙනසක් වේවිද
හැමදාමත් තව උන් විදවාවිද
රෑපය නුඹේ දකිනෙමි මම උදෑසන
නුඹ පාසලට මම උදයෙම වෙලට යන
නොදකින දාට මගෙ සිත දුබල ලෙඩවන
සුව කෙරුමට නුඹෙ වචනෙකට පුළුවන
දිය නෑමට නුඹ තනියම ළිඳ ගාව
මම සිටියෙමි නුඹ එන තෙක් වෙල ගාව
මම එදා කලෙමි නුඹෙ බහ විමසීම
මතකයි නුඹේ අද වාගෙම බිය වීම
ගෙදරින් හොරා මෙතුවක් පෙම් බැන්ද හැටි
භීනය නොවන බව අප විමසීම වටී
සමුගෙන නුඹ එදා කොළඹ ගිය හැටි
මට මතකයි හිර කර ගත් කදුළු කැටි
ටීචර් වෙලා නුඹ ගම රට ආවාම
උදෑහනම නුඹ හොරැහින් බැලුවාම
කෙරුමට නොහැක තව තව ඒ ඉවසීම
එක් වීලා හිඳිමුය අප හැමදාම
නෑනා මස්සිනා වූයේ පූරුවේ කරුමයට
ගෙදරින් අවසරේ නොලැබෙන විට අපට
නුඹ එනවාද ඈතට අපි පියඹන්ට
හැම ප්‍රශ්නෙකටම විසඳුම් දිය හැක එවිට
Sunday, January 29, 2017
Subscribe to:
Post Comments (Atom)
Children at War Kim, Napalam girl, Horror-stricken Unable of bearing Ongoing sufferings, Fled from destruction In Vietnam ...
-
Children at War Kim, Napalam girl, Horror-stricken Unable of bearing Ongoing sufferings, Fled from destruction In Vietnam ...
-
අපමණ වුවත් නුඹ වෙත ඇති මගේ ආලේ ලත වෙමි තවත් පවසන්නට බැරි වේලේ ඇති මුත් දිරිය විමසන්නට හැම වේලේ ගෙදරින් ලැබේවිද අවසර සිත මගේ දුකින් පෙලේ ...
-
Millions are becoming more common these days. In this year we have surpassed the 28, 29 millions and now its time for 30 million landmark. ...
No comments:
Post a Comment